coronadeath

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 38 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 8168 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 6554ක්ම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව හමුව ඇති ආසාදිතියන් බවත්ය.

එමෙන්ම මේ වන විට මෙම දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 158ක් වාර්ථාවි ඇති බවත් එයින් කොවිඩ් ආසාදිත මරණ 131ක්ම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව වාර්ථවි ඇති බවද ඔහු පවසන ලදි.

මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ පවුල් 03නක කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු ඇතුළුව එම ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් තිදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගන්නා ලද 38 දෙනකු පසුගිය 17වන දින පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල බවත් එයින් 11 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙසය හදුනා ගෙන ඇති බවත්ය.

මෙසේ හදුනා ගන්නා ලද ආසාදිතයන් අතරින් ආසාදිතයන් 09 දෙනකුම පවුල් තුනක ආසාදිතයන් තිදෙනා බැගින් බවත් අනිකුත් ආසාදිතයන් දෙදෙනාද එම නිවස ආසන්න නිවාස දෙකක බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ලද ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොවිඩ් 19 හේතුවෙන් හුදකලාවට ලක් කර තිබු කොටියාගල වත්ත පහල කොටස ප්‍රාදේශය 22වන දින සිට හු      දකලාබවින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි කොවිඩ් 19 ආසාදිතයන් වැඩි වශයෙන් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොටියාගල වත්ත පහල කොටස හුදකලාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

මේ වන විට එම ප්‍රදේශයේ කොවිඩ් 19 පාලනයට ලක් කර ඇති බවත් එම තත්වයන් මත 22වන දින උදැසන සිට එම ප්‍රදේශය හුදකලා බවින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

laankadeepa, lanka c news sinhala, lanka sri news sinhala, news paper sinhala, news sinhala, sinhala news hot, sinhala news today, sri lanka news papers,
news sri lanka in sinhala, goship lanka hot, gossip hiru lanka, gossip lanka cnews, gossiplanka news, gossip lanka c, lanka gossip c news, neth gossips,
news & gossip, Sinhala Breaking News,

Similar Posts