කොවිඩ් වසංගතය තත්වයන් මත රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය හේතුවෙන් අසරණ තත්වයන්ට පත්ව ඇති වතුකරයේ ප්‍රොටෙක් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන් පිරිසකට මුදල් ප්‍රධානය කිරිම 08වන දින හැටන් කාර්යාලයේදි සිදු කරන ලදි.

මෙම මුදල් ප්‍රධානය කිරිම පිලිබදව ප්‍රොටෙක් සංගමයේ වැඩ සටහන් අධ්‍යක්ෂක කල්ප මධුරංග මහතා දුරකථන මාර්ග ඔස්සේ පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් මත පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ වතු කරයේ අවිධිමත් කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

වතුකරයේ බොහෝ පිරිසක් ගෘහ සේවය, වෙලද සැල්වල හෝටල්වල, මෙන්ම පදික වෙලදාමේද එදි නේදා කුලි වැඩවලද යෙදි සිටින බවත් මෙම පිරිස අවිධිමත් කම්කරුවන් ලෙස හදුනාගෙන ඇති බවත්ය.

මෙම පිරිස නිරෝධාන ඇදිරි නිතිය හමුවේ දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් නිරෝධාන ඇදිරි නිතිය හමුවේ රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 2000 මුදලද මෙයින් සැලකිය යුතු පිරිසකට නොලැබෙන බවද ඔහු පවසන ලදි.

රජය මගින් මෙම රුපියල් දෙදහස ලබා දිමට තිරණය කරන ලද්දේ දින දහයක නිරෝධාන ඇදිරි නිතිය මත බවත් මේ වන විට එම නිරෝධාන ඇදිරි නිතිය දිර්ගවි ඇති බවත් මෙම තත්වයන් මත තම සංගමය තමන්ට ලැබෙන සමාජික ගාස්තුද උපයෝ කර ගෙන මෙසේ යම් මුදලක් සමග මුඛ ආවරන පාර්සලයක්ද ලබා දිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts