pakisthanmedia

පාකිස්තාන භූමියේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සම්බන්ධව අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන හඬ නැඟීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ රජයට ඇති පීඩනය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

අපරාධකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච්, අන්තර්ජාතික ක්ෂමා සංවිධානය සහ අන්තර්ජාතික ජූරි සභිකයන්ගේ කොමිසම නමැති අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන ත්‍රිත්වය පසුගියදා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව ඇෆ්ගන් පුවත් සේවය වාර්තා කළේය.

එරට විකල්ප ධාරාවේ මාධ්‍යවේදියකු වන ඉස්ලාමාබාද්හි අසාඩ් අලි ටූර් පසුගිය මාසයේ ලහෝර් අගනුවර පිහිටි ඔහුගේ නිවෙස තුළදී මැර ප්‍රහාරයකට ලක් වූ අතර, නිවෙසට ද අලාභහානි සිදු වී තිබිණි. ආයුධ සන්නද්ධව පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනකු විසින් එම ප්‍රහාරය එල්ල කොට ඇතැයි වාර්තා වේ.

මීට අමතරව විද්යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු වන අබ්සාර් අලාම් ඉස්ලාමාබාද් නුවර ඔහුගේ නිවෙස අසල ව්‍යායාම මංතීරුවක ඇවිද යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබීය.

Similar Posts