pitisement

තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. තිරිඟු පිටි මෙරටට ආනයනය කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් දෙකම මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් හා සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඊ‍යේ සහ පෙරේදා ගෑස් හා කිරිපිටි මිල ඉහළ දමා තිබිණි. අද දිනයේදී තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩි කර තිබේ.

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම පවසයි.

ඒ අනුව රුපියල් 1005ක් වශයෙන් පැවති සංස්ථා සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098ක් වේ.

Similar Posts