“බිග් මැච්”  තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්   බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන් වැලකී  කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

මත්ද්‍රව්‍ය,මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම, මහමඟ ගමන් කරන පුද්ගලයින්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිසුන් වෙත උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යාංශය සදහන් කරයි.

Similar Posts