මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ගුටි පූජාවක්

mahajana-sawkkya

රඹෑව කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට බරපතල පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් හත්දෙනෙකු සමග ත්‍රීරෝද රථයක් යතුරු පැදි දෙකක්  අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.

රඹෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනියුක්තව සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂක රෝහිත රත්නායක මහතා මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේදි  පහරකෑමට ලක්වි ඇත.

පෙරේදා (26දා) අළුයම එක වනවිට පහරදීමට සම්බන්ධවු සියළුම සැකකරුවන් ඔවුන් පැමිණි රථ වාහන සමග අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.අපහරකෑමට ලක්වු බව කියන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කාන්තාවක් හා තවත් මිතුරෙකු සමග ඔහුට අයත්ව තිබෙන ඉඩමක් බැලීමට මිහින්තලය පුංචිකුලම ප්‍රදේශයට ගොස් තිබේ.

එම අවස්ථාවේ තරුණයන් පිරිසක් ඉඩම ආසන්නයේ සිටියදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් මොකද කරන්නේ රංචු ගැහිලා ගෙවල් වලට යනවා යනුවෙන් පවසා තිබේ.

ගමේ ඉන්න අපිට පාරේ ඉන්න බැරිද අනුරාධපුරෙන් ආපු ඔයාලට මේකේ ඉන්න පුළුවන්ද යනුවෙන් තරුණයන් පැවසු අවස්ථාවේ දෙපාර්ශවය අතර බහින් බස්වීම සිදුව තිබෙනා අතර නිලධාරියා සමග සිටි මිතුරා එක් තරුණයෙකුගේ කම්මුලට පහරදි ඇති බව පොලිසිය පවසයි.

ගුටිකෑ තරුණයා ඇතුළු පිරිස ඔවුන් පොලිස් නිලධාරින් යැයි සිතා නිවස් වලට යද්දි එක් තරුණයෙකු ඔවුන් පැමිණ සිටි මෝටර් රථයේ සිටි කාන්තාව හදුනාගෙන තිබෙනා අතර ඇය ගම්මානයේ පදිංචිකාරියක් බවත් ඇය පොලිස් නිලධාරියෙකු සමග විවාහවි නැති බව තහවුරුවී මෙන් පසුව තරුණයන් පිරිස මහජන සෞඛ්‍ය පරික්ෂකවරවයා ගමන් කළ මෝටර් රථය පසුපස යතුරු පැදි හා ත්‍රීරෝද රථයකින් ලුහුබැද තිබේ.

සිද්ධියට මුහුණ දුන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඔහුගේ මිතුරා එනතුරු මාතලේ හංදිය බස් නැවතුමේ මෝටර් රථය නවතාගෙන සිටියදි එහි පැමිණි සැකකරුවන් පිරිස ඔහුට අමානුෂික අන්දමින් පහරදී තුවාල සිදුකර පලාගොස් තිබේ.

පසුව මිහින්තලය පොලිස්ථානයට කළ පැමිණිල්ලට අනුව සියළුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.පහරකෑමට ලක්වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කරාතේ ක්‍රීඩකයෙකු වන අතර ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් පිරිස මිහින්තලය පුංචිකුලම ප්‍ර දේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 20-25 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ය.සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශය පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts