manusha

මේ රටේ චිත්‍ර අඳින්න, කාබනික ගොවිතැනට රැලි හදන්නා සේ ලංකාවේ මානව හිමිකම් රැකීමටත් රැල්ලක් නිර්මාණය කළ යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බවත් GSP+ සහනය අහිමි වීමේ තහනම එන විට ශානි අබේසේකරට ඇප දෙන්නට කටයුතු කරන බවත් දෙමළ සිරකරුවන් කිහිප දෙනෙක් නිදහස් කිරිමටත් කටයුතු කරන බව ඒ් මහතා පෙන්වා දෙයි.

මේ කරන්නේ මානව හිමිකම් කවුන්සිලය රැස් වන වේලාවට ෂේප් එකේ ලිස්සා යාමේ ක්‍රියාදාමයක් බවත් කුමන හෝ නූල් සුත්තරයක් ගහගෙන ඊළඟ අවුරුද්ද තෙක් එය ඇදගෙන යන බවද ඔහු පවසයි.

මානව හිමිකම් සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකට අවබෝධයක් නැති බවත් සමාජයේ ඇස් ඇරෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපේ රටට විරුද්ධව වාර්තාවක් සම්මත වන විට පමණක් බවත් පෙන්වා දෙන මනූෂ නානායක්කාර මහතා පවසන්නේ එම තත්ත්වය වෙනස් විය යුතු බවය. නැතිනම් තමන්ගේ හිසට තුවක්කුවක් එනකම් දන්නේ නැති බව ඔහු අවධාරණය කර සිටියි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) දින වදහිංසාවට පාත්‍රවුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් පැවැත් වු මනුෂ්‍යත්වය වෙනුවෙන් වදහිංසනයට එරෙහි වෙමු යන සංවාදයේදීය.

ශානිකා

Similar Posts