e news paper

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දෙනු ලැබුවා.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කර තිබෙනවා.

මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙනි.

Similar Posts