sunilhadunneththi

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව ඇත්තක් වුවත් එයට මුවා වී තම ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් ඉපයූ මුදල්වලට සුජාතභාවයක් ලබාදීම වරදක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Similar Posts