සිංහල අළුත් අවුරුද්දට මුදල් ඔට්ටුවට කැට ගැසු පැලවත්ත , එකේ කණුව ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩි ආසාදනයවී ඇතැයි තහවුරු වූ බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා පසුගිය කීවෙිය

පසුගිය දින දෙක තුළ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් කෝවිඩි ආසාධිතයින් 32 දෙදෙනෙකු හමුවු බවත්, ඒ අතර නියෝජ්‍ය විදුහල්පති වරයෙකු හා පාසල් දරුවන් හයදෙනෙකුද වන බව වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. අතුකෝරල මහතා සහ මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා කීවෙිය.

අවුරුද්දට කැට ගැසු 14 දෙනෙකු ආසාධිතයින් බව  සිදු කළ පී .සී .ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර එම සූදු ක්‍රීඩාවට සහ භාගීවු අනෙත් පුද්ගලයන් සොයන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.පැලවත්ත , පහළ හෙවෙස්ස , මිගහතැන්න, හා වලල්ලාවිට ලේදොළ ඇතුළු ප්‍රදේශවල පදිංචි කරුවන්  සිදු කළ පරීක්ෂණ වලදි මෙසේ ආසාධිතයින් ලෙස හමුවු බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මහතා කීවෙිය.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වරයෙකු , මිරිස් වත්ත විද්‍යාලයේ හා පුස්සවල විද්‍යාලයේ ඉගනුම ලබන පාසල් දරුවන් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.

මෙම ආසාධිතයින් ගේ ආශ්‍රයින් සොයා පරීක්ෂණ සිදු කරන අතර ආසාධිත පාසල් දරුවන් ඉගනුම ලබන පාසල් වල අදාල පන්ති වල දරුවන් නිරෝධනයට උපදෙස් දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts