water

වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ නිසි පරිදි පානීය ජලය නොමැතිවීම නිසා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවුනා.

මේ සඳහා විවිධ වූ යෝජනා සැලැසුම් ක්‍රියාත්මක වුවද එය ඵලදායී නොවු බැවින් අධික පිරිවැයක් දරා හෝ මෙම උතුරේ ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබ තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටළුව 50% කට වඩා වැඩි ප්‍රමාණයකින් විසඳෙන අතර මුල් අදියරේ දී පමණක් පවුල් ලක්ෂ 03 කට පමණ මෙමඟින් සෙත සැලසෙන බවද අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී.

Similar Posts