vavniya

යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහි නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙසට ස්වාධීන කණ්ඩායම යටතේ නගර සභාවට තේරී පත්වු එස්.සෙල්වේන්ද්‍ර තේරී පත්වු බව නගර සභා ආරංචි මාර්ග පවසයි.

නගර සභා ආරංචි මාර්ග පැවසූවේ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ කෝනලිංගම් කරුණානන්දරාසා කොවිඩ් ආසාදිතව පසුගියදා ජිවිතක්ෂයට පත්විය.

අනතුරුව නගර සභාවේ නව නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ජන්ද විමසීම  පැවැත්වූ අතර නගර සභාවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ සෙල්වේන්ද්‍ර තේරී පත්වූ බව සදහන්.

පූර්ණ සෞඛ්‍යාරක්ෂිත නියෝග අනුගමනය කරමින් නගර සභාවේ ජන්දය පැවැත්වු බව ද නගර සභාව පැවසූහ.

Similar Posts