chinawawa

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් ආරම්භ කළ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබා ගන්නා තෙක් වැඩකටයුතු නතර කිරීමට කටයුතු කළ බවයි.

ඓතිහාසික වටිනාකමක් ඇති අපේ උරුමයක් වන තිස්සමහාරාම වැවට සිදුවන්නට ගිය හානිය දින 6ක් වැනි කෙටි කාලයක් තුළ වළක්වා ගැනීමට පියවර ගත් පුරාවිද්‍යා අධ්‍යක්ෂන ජනරාල් වරයා ඇතුළු පුරාවිද්‍යා දොපර්තමේන්තුවටත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝගයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව නතර කෙරුණ ද ව්‍යපෘතියට සම්බන්ධ ඇතැම් චීන ජාතිකයින් චීන මහජන විමුක්ති හමුදාවේ කැළෑ නිළ ඇඳුමට සමාන ඇඳුම් ලා ගෙන සිටීම සම්බන්ධයෙන් තවමත් සංවාදාත්මක තත්ත්වයක් පවතී.

මෙම චීන ජාතිකයින් ඇඳ සිටින ඇඳුම සහ චීන මහජන විමුක්ති හමුදාවේ කැලෑ නිල ඇඳුම අතර ඇති වෙනස කුමක්ද ?

මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පාර්ශවයකින් නිල පැහැදිලි කිරීමක් සිදු කර නොමැත.

මෙම චීන ජාතිකයින් ඇත්තටම කවුද ?

මේ අයුරින් වෙනත් රටක හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමක් තවත් රටකදී භාවිත කළ හැකි ද?

මේ පිළිබඳව ආණ්ඩුවේ පාර්ශවයෙන් මාධ්‍යවේදිහු ස්ථාන කිහිපයකදී විමසා සිටියහ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී පිළිතුරු නොදී පිටව ගියේ ය.

මාධ්‍ය අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොපැකිලෙන මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙසේ ප්‍රශ්නයෙන් මග හරින්නේ ඇයි?
ප්‍රශ්නයට බිය නිසාද?
වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තමාගේ සම්බන්ධයක් නැති නිසාද?

newsfirst

Similar Posts