විමලසුරේන්ද්‍ර පිටාර ගලයි – කැලණි ගංග අවදානම් වෙයි

vimalasurendra

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භ කර ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි.

මෙම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග 24වන දින රාත්‍රියේ සිට මෙම ජලාශය පිටාර ගලන බවත් මෙම තත්වයන් හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානයක් පවතින බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts