fish

විසිතුරු මත්ස්‍ය  අපනයනයෙන් ලංකාව 7 වන ස්ථානයේ පසුවන බවත් ඉන් අපට හිමි ඩොලර් මිලියන 347ක ප්‍රමාණයෙන් දැනට සියයට 4ක් පමණ වූ ඩොලර් මිලියන 14ක ආදායමක් පමණක් ලබන බවත් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය  වගා කරුවන් ට ආධාර බෙදා දීමේ උත්සවයකට ඊයේ  (09) සවස සහභාගී වෙමිනි. මෙය පොලොන්නරුව චන්ද්‍ර මණ්ඩප ශාලාවේදී පැවැතුණි.

එහි දී විසිතුරු මත්ස්‍ය  වගා කරුවන් ඇමතූ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ ද පැවසීය.

අපේ රටේ විසිතුරු මත්‍ස්‍ය  වගා කරුවන් ලියාපදිංචිය ආරම්භ කරලා ඉන්නේ කීයද කියලා බලනකොට අපට මුලින් ම ලැබුණේ 1500ක් විතර නමුත් දැන් 7000ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මම හිතන්නේ තවත් 1500ක් පමණ පිරිසක් කුමක් හෝ හේතුවක් නිසා ලියාපදිංචි නොවී ඉන්නවා ඇති. දැන් ලියාපදිංචි වී ඇති සංඛ්‍යාවෙන් වැඩි ම පිරිස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින්නේ. නමුත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මසුන් අපනයනකරුවෝ නෑ. ඒ අය වෙනත් දිස්ත්‍රික්කවල ඉන්නේ.

අද ලෝකයේ විසිතුරු මසුන් ට විශාල ඉල්ලුමක් තිබෙනවා. දැනට අපි ලෝක වෙළද පොලේ 7 වන ස්ථානයේ සිටින්නේ. වැඩියෙන් ම අපනයනය කරන්නේ ජපානය. ඊළගට ඉන්දුනීසියාව, තායිලන්තය,සිංගප්පූරුව,චෙච්නියාව තියෙනවා අපි ඉන්නවා 7 වන තැන. අපට ඩොලර් මිලියන 347ක් උපයන්න පුළුවන්.  7 වෙනියාගේයි පළවෙනියාගේයි ලොකු වෙළදපල පරතරයක් තියෙනවා.

ලෝක වෙළදපලේ ඉල්ලුමෙන් සියයට 4යි අපි සපයන්නේ. ඩොලර් මිලියන 347ක ඉල්ලුමක් තියෙනවා විසිතුරු මත්ස්‍ය වගාව සදහා. නමුත් අපට සපයන්න පුළුවන් වෙලා තියෙන්නේ 2019 වසරේ ගත්තොත් ඩොලර් මිලියන 14ක ආදායමක් පමණයි. ඒකයි අපි සියයට 4යි ආදායම ලබන්නේ කියලා. ඒක ගිය අවුරුද්දේ අපි සියයට 16 කළා. කෝවිඩ් අර් බුදය මැද මේ අවුරුද්දේ අපි එය ගිය අවුරුද්දට සාපේක්ෂව අපි මුල් මාස 8හි සියයට 51කින් වර් ධනය කරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ අපි ඩොලර් මිලියන 20කට එහා ඉලක්කයක් අපට තියෙනවා. ඒක ප්‍රමාණවත් නෑ

ඔබතමුන්නාන්සේලා හදනවා නම් හොද මාලුවෙක්. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා අපට ලෝකයේ ඉල්ලන මාලු හදන්න ඕන. මම දැක්ක දෙයක් තමයි පොලොන්නරුවේ කාෆ්ලට ගෝල්ඩ් ෆිෂ්ලට ලොකු ඉල්ලුමක් තියෙනවා. කුරුණෑගලින් නුවර එලියෙන් ගන්න පුලුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපට උදව් කරන්න පුළුවන්. ලෝකයේ ඉල්ලන මත්ස්‍ය  විශේෂ හදනවා වගේම ඉහළම ප්‍රමිතියෙන් හදන්න බාල නොකර .ඒ සතුන් ට හොද ආහාර දෙන්නේ නැත්තං පාට එන්නේ නැත්තං ඒකට ඉල්ලුමක් නෑ. අපි තාක්ෂණික සහාය දෙන්නම්. මේ සදහා දේශීය වෙළදපලකුත් තියෙනවා. අපි ඉදිරියේ දී හැම දිස්ත්‍රික්කයකම විසිතුරු මසුන් වෙළද පොලවල් හදන්න .මසුන් නිෂ්පාදනය විතරක් නෙමෙයි ආහාර නිෂ්පාදනය ට ත් අපි ආධාර දෙනවා. අද ලක්ෂයක් ආධාර ලැබෙනවා.

පොලොන්නරුවේ අද එවැනි පිරිස් 297ක් ඉන්නවා. තවත් සංවර්ධනය කරගන්න අය 14ක් ඉන්නවා. ඒ අයට ලක්ෂ 2 හමාරක් දෙනවා.පළවෙනි වාරිකය අද දෙන්නේ වාරික දෙකකින් මුලු මුදලම ලබා දෙනවා.ඒක ණයක් නෙමෙයි ආධාරයක් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හැම දිස්ත්‍රික්කයකම කරන්න බෑ  .ඒ සදහා හොද භූමිය පස වතුර තියෙන්න ඕන. පොලොන්නරුවේ මේක හොදටම කරන්න පුළුවන්. අපි 7 වන තැන ඉන්න එක පළවෙනි තැනට යන්න පුළුවන්.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

kanchana

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

Similar Posts