කම්කරුවන්ගේ අයිතින් දිනා දිමේ අරමුණ මත සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය ආරම්භ කල බව එහි ප්‍රධාන ලේකම් අම්මාසි එස්. නල්ලුසාමි මහතා පවසන ලදි.

ඔහු මේ බව පවසන ලද්දේ අලුතින් පිහිටුවන ලද වෘත්තිය සමිතියක් වන සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රස් නමින් නව වෘත්තිය සමිතියක් 11වන දින හැටන් නගරයේදි ආරම්භ කරමින් පවත්වන ලද මාධ්‍ය හමුව අමතමින්.

මෙම නව වෘතිය සමිතිය ආරම්භ කිරිම නිමිති කර ගෙන හැටන් කතරගම හිංදු කෝවිලේදි විශේෂ දේව පුජාවක් පැවති අතර පසුව එහි මාධ්‍ය හමුව හැටන් මැක් මහරාජ් හෝටලයේදි පවත්වන ලදි.

එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු නල්ලුසාමි මහතා ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රගතිශීලි සංවිධානයට අනුබද්දවයි මෙම නව වෘත්තිය සමිතිය ආරම්භ කරන්නේ මෙහි ප්‍රධන අරමුණ තමයි රටේ පවතින නිතියට අනුකුලව කම්කරු ජනතාවගේ අයිතින් දිනා දිම.

මෙම වෘත්තිය සමිතිය කදුකරයට පමනක් සිමා නොකර ලංකාව පුරා ව්‍යාප්ත කිරිමට අපි පියවර ගන්නවා කම්කරුවන් කියන්නේ තේ වතුවල සේවය කරන අය පමනක් නොවෙයි තේ, රබර්, පොල්, මෙන්ම වෙනත් විවිධ කර්මාන්ත ශාලාවල සේවය කරන අයද මේ කම්කරු ජනතාව අතරට එක් වෙනවා එසේ නම් ඒ සියලුම දෙනාගේ වෘත්තිය අයිතිවාසිකම් සපුරාලිමට අපි ඉදිරියේදි පියවර ගන්නවා.

අද පවතින සමහර වෘත්තිය සමිති කම්කරුවන්ගේ වෘත්තිය අයිතින් නිසි ලෙස ලබා දිමට පියවර ගන්නවාද යන්න ප්‍රශ්නයක් අද වතුකරය ගත් විට මෙහි අක්කර දහස් ගනනක් තියෙනවා කිසිම වගාවක් නොකර එත් එයින් නිසි ප්‍රයෝජන ගන්න අපි කටයුතු කල යුතුයි.

මේ වතු රැක ගැනිමටත් අපි පියවර ගත යුතුයි එසේ නැතිව අපිට පැවැත්මක් නැහැ ඊරෝස් සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් නොවෙයි එක්දාස් නවසිය අසු ගනන්වල මෙම සංවිධානයෙන් මංත්‍රිවරුන් 13 දෙනකු පාර්ලීමේන්තුව නියෝජනය කලා එම තත්වයන් මත අපි රටේ නිතිය අනුව කටයුතු කරන පිරිසක් මේ රට අපේ මේ රට ආරක්ෂා කර ගැනිමට මෙන්ම සංවර්ධනය කර ගැනිමටත් ශ්‍රිලාංකිකයන් ලෙස අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts