mihnthalawa

ථෙතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් ස්ථාන රැසක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැතිවීමෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් පසුගිය කාලය පුරාවට අපහසුතාවට පත්වූවත් වගකිව යුතු කිසිදු නිලධාරියෙකු ඊට පිළියම් ලබාදිමට කටයුතු කර නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ.

මිහින්තලා රජමහා විහාරයට අයත් ස්ථාන රැසක ඇති රාත්‍රී විදි පහන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ විනාශයට පත්වි අක්‍රිය තත්වයට පත්වි ඇතත් වග කිවයුතු බලධාරින් ඊට ස්ථිර විසදුම් ලබාදීමට සමත්වි නැති බව එහි ගිය අවස්ථාවේ දැකගත හැකිවිය.

මිහින්තලා පූජා භුමියට අයත් කටුසෑය ඒ-නමය ප්‍රධාන මාර්ගයේ කොටසක් ලයිසන් මාවත පැරණි රෝහල මාවත පුරාවිද්‍යා කොෟතුකාගාරය අසල පාර ඇතුළු ස්ථාන රැසක් රාත්‍රී කාලයේ දැඩි අන්ධකාරයේ පවති.පූජා භුමිය වන ගහන ප්‍රදේශයක් බැවින් රාත්‍රී කාලයේදි ප්‍රදේශයට විදුලි ආලෝකය අත්‍යාවශ්‍ය වූවත් ඊට අවශ්‍ය නිසි පිළියම් ගෙන නැති බව එහි ගිය අවස්ථාවේ දිස්විය.

බොහොමයක් විදුලි පහන් වදුරන් රිළවුන් විසින් කඩා දමා ඇතත් එම ස්ථානයන් නිසි අන්දමින් නඩත්තු වන ආකාරයක් දක්නට නොලැබුණි.මේ සම්බන්ධයෙන් අනුශාෂනාවක් කළ මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන්.

සම්බුද්ධ ශාෂනයේ මූලස්ථානය හැමදාම අදුරේ.හැමදේම කරගන්න මාධ්‍යට කියන්න ඕන.අනිකුත් වෙහෙර විහාරස්ථාන අවට රාත්‍රීයට විදුලි ආලෝකයෙන් නැහැවෙනවා.

මිහින්තලය පූජා භූමියේ ස්ථාන කිහිපයක් ආලෝකමත් වෙන්නේ තාවකාලික හැලජන් විදුලි බුබුළු සවිකරලා ප්‍රදේශය බාරව ඉන්න විදුලි ඉංජිනේරු මහත්තයා නිසා පූජා භූමීය මේ තත්වයෙන් තියනවා.එතුමා පූජා භූමිය ආලෝකමවත් තැබීමට විශාල වෙහෙසක් ගන්නවා.

ඒ නිසාද දන්නේ නෑ මිහින්තලය රජමහා විහාරයේ කටයුතු වලට ගෙනාපු විදුලි උපාංග ප්‍රමාණයක් වැඩි වෙලා කියල පරික්ෂණයක් පැවත්වෙනවා.දැන් වෙනත් ප්‍රදේශයකට මාරු කරන්න හදනවා.විහාරස්ථානයේ හා ප්‍රදේශයේ කටයුතු වලට කැපවෙලා වැඩ කරන නිසා ද දන්නෑ ඒ මහත්තයාව යවන්න හදන්නේ.

බඩු වැඩිවෙලා පරික්ෂණ කරනවා.නමුත් පූජා භූමිය වසර ගාණක් තිස්සේ ඝණ අන්ධකාරයේ තියනවා කියලා ඒවාට කිසිම බලධාරියෙකු පියවර ගන්නේ නෑ.නමුත් වැඩ කරන මිනිහා එළවන්න තමයි හදන්නේ යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts