හිටපු මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදිතව මරුට

death

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයකුවු එම්. මුහාර්ජින් මහතා කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි

මෙ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මුහාර්ජින් මහතාට කොවිඩ් ආසාදනය විමෙන් ඔහු තෙල්දෙනිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බවත්ය.

කොවිඩ් ආසාදනයෙන් මිය ගිය මුහාර්ජින් මහතාගේ අවසන් කටයුතු කොවිඩ් මරණ රෙගුලාසි යටතේ සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts