pupurana-drawya

දෙවන ලෝක යුද්ධ කාලයේ හිට්ලර්ගේ පොතක් සොයාගෙන ඒ් අනුව රසදිය ඇසුරෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යය නිර්මාණය කර රුපියල් කෝටි 500 කට අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මොහුට හිට්ලර්ගේ සමයේ පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කරන පොතක් හමු වී ඇති අතර මොහු ඒ් අනුව රසදිය උපයෝගී කර ගනිමින් විවිධ අධිබලැති පුපුරණ දුව්‍ය ව්‍යාජව නිර්මාණය කර ඇත. පසුව ඒ්වා විකිණිමට ගැනුම්කරුවන් සොයා ගොස් ඇති අතර අන්තවාදී පිරිසක් වෙත මෙය අලෙවි කිරිමට සුදානම් කර ඇත්තේ රුපියල් කෝටි 500 කටය.

මේ බව විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එහි අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙම සැකකරුගේ නිවස වටලා ඇත.

එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යයක් වන රතු රසදිය අඩංගු බවට සැකසහිත ලෝහ සිලින්ඩර් තුනක් සහ එම නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත සැකකරුව භාර දී ඇත.

ශානිකා මාධවී

Similar Posts