ජේ.ආර්. ජයවර්ධන  එදා උතුරු  කොළඹ  පෞද්ගලික  වෛද්‍ය  විද්‍යාලය ආරම්භ  කරන්න  උත්සාහ   කළා.චන්ද්‍රිකා  කුමාරතුංග  තවත පෞද්ගලික  විශ්ව  විද්‍යාල  ආරම්භ  කරන්න  උත්සාහ  කළා.මහින්ද  රාජපක්ෂ  සයිටම් එක පටන්  ගත්තා.රනිල් වික්‍රමසිංහ  ඒක අරගන ගියා, ඒකෙ දිගුවක්  හැටියට  එදා  කරගන්න  බැරිවුදේ  අද  ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිවරයා  අද කොතලාවල පනත හරහා කරන්නට යනවා.” යැයි ජනතා  විමුක්ති පෙරමුණේ  දේශපාලන  මණ්ඩල සාමාජික , හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී  ,වෛද්‍ය  නලින් ද  ජයතිස්ස  මහතා  කීවේය.

පාර්ලාමේන්තුවේ විවාදයට භාජනයවන කොතලාවල  ආරක්ෂක  ව්ශ්ව විද්‍යාල පනත පිළිබඳ අදහස්  දක්වමින්  වෛද්‍ය  නලින්  ද ජයතිස්ස  මහතා මේ අදහස් ප්‍රකාශ කළේය .අපේ රටේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන,ඒ වගේම අධ්‍යාපනය  මිල්ටරිකරණයට පාර කපන,අති භයානක පනතක් කොතලාවල  ආරක්ෂක  විශ්ව  විද්‍යාල පනත නමින්  පාර්ලමේන්තුවෙ  සම්මත  කර ගැනමට උත්සහ කරනවා.

එක පැත්තකින්  රටෙි කොවිඩ්  වසංගතය  පෙන්වලා ආණ්ඩුව   මර්දන  ක්‍රියාත්මක ය කරගන යනවා.ඒ වගේම මෙි අස්සෙ  පාර්ලිමේන්තුව රැස්කරල නිදහස්  අධ්‍යාපනය වනසන පනත පාර්ලමේන්තුවෙ  සම්මත  කරන්න උත්සාහ  කරමින්  තිබෙනවා.

මේ පනත  සම්මත  කළොත්  මේ රටේ  අහිංසක  දෙමාපියන් ගේ දු දරුවන්ට නිදසේ ඉගන ගන්න තියෙන අයිතිය  වනසන, නිදහස්  අධ්‍යාපනය මුදලට විකුණන කොතලාවල  පනතට එරෙහිව  මෙි රටෙි සියළු ජනතාව  නැගි සිටිය යුතු වෙනවා. කොතලාවල  ආරක්ෂක විශ්ව  විද්‍යාල  පනත  ක්‍රියාත්මක  කළොත් අපේ රටේ  මුදලට උපාධි  දෙන උපාධි  කඩ දිස්ත්‍රික්කයක්, දිස්ත්‍රික්කයක් ගානෙ බිහිවන එක නතර  කිරිමට නොහැකි  වෙනවා.

මේ පනත  සම්මතවු පසඅ අපේ රටේ දරුවන්ට , වෛද්‍යවරු,නීතිවේදීන්, ඉංජිනේරුවන් වීමට තියෙන නිදහස් අධ්‍යාපනය   අහිමි වෙනව.ඒ වෙනුවෙන් ආණ්ඩුව  මොන තර්ජන, ගර්ජන, මර්දන   දියත් කලත් ජනතා  විමුක්ති  පෙරමුණ  ⁣ඊට එරෙහිව  සටන් කරනවා. මේ රටෙි  නිදහස්  අධ්‍යාපනය  වෙනුවෙන්   ජනතාව සමග පාරට බැහැල ඉල්ලා සිටින්නෙ මේ් රටේ නිදහස් අධ්‍යාපනය  වනසන  මේ පනත පාර්ලමේන්තුවෙ  සම්මත  කරන්න  එපා කියලයි .

ජේ. ආර් .ජයවර්ධන  එදා  රාජ්‍ය  අනුග්‍රහයෙන්  පෞද්ගලික  විශ්ව  විද්‍යාලයක්  පටන්  ගන්න  හැදුවා ,නමුත්  ඒක අසාර්ථක  වුණා.ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතු වරයා  හමුදාව යොදාගන මිල්ටරිකරණයෙන් ඒක කරන්න හදනවා.මෙි රටේ තමන්ගෙ දුවා දරුවන්ට උගන්වන්න කැමැත්තක් තියෙන දෙමාපියන් මේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි අරගලයට එකතු වියයුතුයි.

ආණ්ඩුව කොරෝනා  වලට මුවා  වෙලා මෙි රටේ ජනතවගේ භාෂණයට, ප්‍රකාශනයට තියෙන  නිදහස  අහිමි  කර තියෙනවා .ගොවියාගේ , කම්කරුවන්ගේ  අයිතිය වෙනුවෙන්  සටන්කළ, ගොවි නායකයො, කම්කරු නායකයො, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො  අත් අඩංගුවට  ගන්න පටන්ගෙන  තියෙනවා .මෙි සදහා කොරා්නා පාවිච්චි  කරනවා.කොරෝනා වසංගතය ඉස්සරහට  දාගන මිනිස්සුන්ගෙ කටවල් වහන්න ආණ්ඩුව  උත්සාහ කරමින් සිටිනවා. ආණ්ඩුවෙ අසමත්කම් වහ ගන්න, ආණ්ඩුවෙ බැරිකම්, හොරකම්, වහගන්න කොරෝනා  පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා කියල  සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ  ජනරාල්  වරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ රටේ කොරෝනා  මර්දනය  කිරිමට ජනතාවගේ  සහාය ගන්නවා වෙනුවට ආණ්ඩුවෙ බැරිකම් වහ ගන්න කොරෝනා  මර්දන  පනත් පිරුවටයක් කර ගැනීම ගැන ආණ්ඩුව  ලැජ්ජා විය යුතුයි .කොරොනා  වලට මුවා  වෙලා කෙරෝනා නිතිය මර්දන  නීතියක් කරගන ජනතාවගේ  ප්‍රකාශනයේ, භාෂණයේ,නිදහස නැති කරල,  , කට වහල රට ගෙන යන්න ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිතුමා හිතනවනම් ඒකට ඉඩ ලැබෙන්නෙ නැහැ.

එස් . පොද්දෙණිය  – මිගහතැන්න

Similar Posts