ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ප‍්‍රථම වරට මාතෘ නිවාඩු ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය එරට ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මේලනයේද සහාය ඇතිව මෙම ක‍්‍රමය හදුන්වා දි ඇති අතර, මෙම සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු රජය 2017 වසරේ සිටම සාකච්ඡා කරමින් සිට ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් ජුලි මස සිට සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට මෙම මාතෘ නිවාඩු ක‍්‍රමය හිමිව තිබේ.

මෙකී ක‍්‍රමයට අනුව ප‍්‍රාන්ත, ජාතික මට්ටමේ හා බිග් බෑෂ් කොන්ත‍්‍රාත්තු සහිත කී‍්‍රඩික කී‍්‍රඩිකාවන්ට වැටුප් සහිතව වසරක නිවාඩුවක් ලැබේ. එමෙන්ම තම කුසින් බිහිකළ දරුවන් මෙන්ම හදාවඩා ගැනිම සදහා ලබා ගත් දරුවන් වෙනුවෙන්ද මෙම දීමනාව හිමි වේ.

තවද කොන්ත‍්‍රාත්තු සහිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගැබ් ගත් විට හෝ හදා ගැනීමට ගත් විට ඇයගේ සහකරුට හෝ ඔහුගේ සහකාරියට වැටුප් සහිතව සුමාන තුනක නිවාඩුවක් හිමි බවද විදේස් පුවත් වල සදහන් වේ.

Similar Posts