වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුරුලුබැද්ද වැවට යාබදව ඇති ඓතිහාසික කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ ඇති ඉපැරණි චෛත්‍ය‍යෙහි කැනීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් ආරම්භ කළේ ය.

ගල් පර්වතයකින් හා කදු  ගැටයකින් සමන්විත මෙම ඓතිහාසික පුරා විද්‍යාත්මක ස්ථානය ඉකුත් යුධ සමයේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය ට නතුව පසුව යුධ හමුදාව විසින් මුදා ගැණුනි.එම ස්ථානයේ ඉපැරණි චෛත්‍ය‍යක් සිතුවම් සහිත ලෙනක් කල් කණු,සෙල්ලිපි හා කටාරම් කෙටූ ගල්ලෙන් ද විශාල ගල් කණු ආධාරයෙන් ඉදි කර තිබූ ගල් පාලමක ශේෂයන් ද දක්නට ලැබෙයි.

කුරුලු බැද්ද හ මහසෙන්පුර ගම්වාසීන්ගේ ඉල්ලීම් මත පසුව මෙම ස්ථානයේ ආරන්‍ය සේනාසනයක් ආරම්භ කොට ඇති අතර එහි වත්මන් භාරකාරත්වය දේවගල පඤ්ඤාසීහ හිමියන් විසින් දරනු ලබයි.

අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් යැයි සැලකෙන මෙම ස්ථානය තුළ පුරා විද්‍යාත්මක සාක්ෂි රාශියක් පවතින අතර ඒවා සං‍රක්ෂණය කිරීමට වසර ගණනාවක් තිස්සේ කරන ලද ඉල්ලීමකට අනුව දානපතියන්ගේ ධන පරිත්‍යාග මත එහි කැනීම් කටයුතු ආරම්භ කෙරින.

පොලොන්නරුව කලාපය භාර පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ මෙහි කැනීම් කටයුතු මාස එකහමාරක් තුළ අවසන් කර සං‍රක්ෂණය කිරීමට කටයුතු කරන බවයි.අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් ඉපැරණී ස්ථූපයේ කැනීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සහ එම කැනීම් සදහා ආධාර ලබා දුන් දානපතියන් ද මෙම අවස්ථාවට එක්ව සිටිය හ.මෙහි කැනීම් භාරව කටයුතු කරන්නේ කැනීම් අධ්‍යක්ෂ සමින්ද පෝරඹගේ මහතා ය.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts