corona

කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ.

කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව ආසාදනය වී ඇස් අහිමිකරවන්නට තරම් අහිතකර පැතිරීමක් පෙන්නුම් කරන බවත් පැවසේ.

මීට සති තුනකට පෙර කොවිඩ් -19 වැළඳී සුවය ලැබූ 25 හැවිරිදි කාන්තාවකට ශල්‍යකර්මයක් කිරීමට මුම්බායිහි අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය අක්ෂේ නයාර් වෙත ගිය අවස්ථාවේ දක්නට ලැබුණ දිලීර ආසාදනයක් ගැන මවිතවනසුලු තොරතුරු එහි ඇතුළත්වේ.

දියවැඩියා රෝගියෙකු වන ඇය කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥයෙකුගෙන් ඖෂධ ලබාගනිමින් සිටි අයෙකි. ශල්‍යකර්මයේදී, ඇගේ නාසයේ නලයක් ඇතුළු කර ඇති අතර දුර්ලභ නමුත් භයානක දිලීර ආසාදනයක් වන මුකෝර්මිකෝසිස් ආසාදිත බව හඳුනාගන්නට ලැබී ඇත. මෙම ආක්‍රමණශීලී ආසාදනය නාසය, ඇස සහ සමහර විට මොළයට බලපායි. අනතුරුව ඇය යොමුවූ වෛද්‍ය නයාර් විසින් රෝගියාගේ ඇස ඉවත් කිරීම සඳහා පැය තුනක පමණ සැත්කමක් සිදු කරන ලදි.

“ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා මම ඇගේ ඇස ඉවත් කරමි. ” වෛද්‍ය නයාර් පැවසීය.

 

Similar Posts