නව කොරෝනා වෛරසය පිට පිට තුන් වරක්ම එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමක් පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවයි.

මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි.

160 කට ආසන්න පිරිසකට මේ ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බැව් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙය මේ වනවිට සෞඛ්‍ය අංශ තුළ මෙන්ම ඖෂධ නිෂ්පාදකයින් තුළ ද යම් ගැටලුවක් නිර්මාණය කර ඇති ආකාරයක් දැකිය හැකි වේ.

නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාම ද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ.

වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇත්නම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීම ද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.

Similar Posts