coronadelta

මුළු ලෝකයේම දරුණු වසංගතයක් බවට පත්ව ඇති කොවිඞ් 19 වෛරසය ජීව අවියක්ද එසේත් නැතිනම් ස්වාභාවික වෛරසයක් දැයි කියා තවම නිශ්චිතව කිව නොහැකි බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි.

මේ වන විට ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ධවල මන්දිරයට ලබාදී ඇති වාර්තාවේ මත දෙකක් සඳහන් කර ඇත. එක් මතයක් වන්නේ මෙය ජීව අවියක් විය හැකි බවත් එය චීනයේ වූහාන් හි පර්යේෂණාගාරයකිින් කාන්දුවී ඇති බවත්ය.

දෙවැනි මතය වන්නේ මෙය ස්වාභාවික වෛරසයක් බවය. එසේම මෙම වෛරසය සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණ සඳහා චීන රජය කිසිදු සහයෝගයක් ලබානොදෙන බවද ඇමෙරිකානු බුද්ධි අංශ සඳහන් කර ඇත.

Similar Posts