sajith

පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගතහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතළ විනාශයක් ඇතිවී මෙරට ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වනු ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම සත්වයන් දැනට ඉතා කුඩා අවධියේ පසුවන බවත් පරිණත වීමෙන් පසු විශාල ප්‍රදේශයක් පුරා පැතිර යාමට පටන් ගතහොත් අති දැවැන්ත හානියක් සිදුවීමට හැකි බවත් කෘෂිකර්ම අංශ අනතුරු අඟවා ඇත.

මෙම පලගැටි උවදුර උත්සන්න වීමත් සමඟ අප්‍රිකානු කලාපයේ රටවල් වල දැඩි ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇත.

සබැදි පුවත්

– කුරුණෑගල වගා විනාශ කලේ කාන්තාර පළගැටියන්ද?

Similar Posts