ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 104 කඩුලු එකක් පමණක් දැවී ලබාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුහ.

ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දු ඕවර 14.1ක් පමණි.

ඒ අනුව තරඟ 3න් සමන්විත තරඟාවලිය මේ වනවිට 2 – 0 ක් ලෙස ජය ලැබීමට ඔවුන් සමත් වී තිබේ.

Similar Posts