gampaha-corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 72ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 7702 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි කරන ලද පි. සි. ආර්. පරික්ෂ වාර්ථා කොටසක් ලැබිමත් සමග කොටගල, නුවරඑළිය, රාගල, කොත්මලේ යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.

මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයන්ට ලක් කර ඔවුන් සදහා පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts