ගාල්ල, කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් අස්වද්දන ලද පුරන් කුඹුර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍යවරයා විදුහලට පැමිණීම සංඛේතවත් කරමින් විදුහල් භූමියේ පැලයක් රෝපණය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

පුරන් වූ කුඹුර අස්වද්ද ලද සිසු සිසුවියන් දිරිගැන්වීම සදහා අමාත්‍යවරයා විසින් කුඹුර නිරීක්ෂණය කලබව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

විදුහල්පති ආර් ඩබ්ලිව් වී එස් රාජපක්ෂ සහ දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ 2021 උසස් පෙළ සිසුන් විසින් මෙම කුඹුර අස්වද්දා තිබේ.

විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්යය මාලක විජේසේකර මහතාගේ අදහසක් අනුව අස්වද්දන ලද මෙම කුඹුර සදහා කරන්දෙණිය කෘෂිකර්ම නිලධාරීන් වන සමිත් ද සොයිසා මහතාගේ සහ රංගිකා සමරශීලී පරණවිතාන මහත්මියගේ උපදේශකත්වය ලැබී තිබේ.

Similar Posts