කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි  මාධ්‍යය මඟින් අනාවරණය කිරීමත් සමඟ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් අදාළ ගොවිපළ නිරීක්ෂණය සඳහා එක්ව තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානයට යොමු වී තිබූ මහජන පීඩාකාරි ගැටලු කිහිපයක් පිළිබඳ කළ සොයා බැලීමේදී ගොවිපළේ තිබූ අඩුපාඩු කිහිපයක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමඟ අදාළ ගොවිපළේ පාලන අධිකාරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වෙත එම අඩුපාඩු පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 14ක් ඇතුළත වහාම ක්‍රියාත්මක වන පරිදි එකී අඩුපාඩු සපුරා ගත යුතු බවත් ඒවා නැවත නිරීක්ෂණයට ලක්කළ යුතු බව පවසමින් අවවාද කිරීමට කටයුතු කෙරිණි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මෙම මහා පරිමාණ කුකුළු ගොවිපළ හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කර තිබිණි.

කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි

Similar Posts