බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව  ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
පිරිමි පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් වන අතර  ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි.
ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර   පන්නිපිටිය පෙදෙසේ තාවකාලිකව පදිංචිව සිටින  ඇය අවිවාහක තැනැත්තියක් බවත් මෙවැනි අසැබි දසුන් අන්තර්ජාලයට සහ වෙබ් අඩවිවලට මුදා හැර මුදල් උපයන තැනැත්තියක් බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන්  සමාජයේ විවිධ පාර්ශව විසින් දැඩි දෝෂ දර්ශනය  කිරීම හේතුවෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝව එම වෙබ්  පිටුවෙන් මේ වන විට ඉවත් කර ඇත.
අදාල දර්ශන සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර  ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා  දම්සක් පදනමෙහි සභාපති ශාස්ත්‍රපති පස්සර ඇල්ලෙ දයාවංශ හිමියන් ලිපියක් ද ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබිණි .
මේ  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකර සැකකරුවා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන්  පරීක්ෂණ පවත්වයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts