bus

රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.

රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය.

මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති නීතිඥවරයා රෝහිත අබේගුණවර්ධන මහතාගෙන්, මෙම මිලියන 400 උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු විමසා තිබෙනවා.

ඉන්පසුව නීතිඥවරයා, ‘දැං එතකොට අපි මේ වත්කම් හොයාගත්තෙ කොහොමද කියලා අධිකරණයට කියන්න ඕන නේ, මොකද්ද ඇමතිතුමා අපි උසාවියට කියන්නෙ’

රෝහිත අබේගුණවර්ධන මහතා, ‘නීතිඥතුමා, මට බස් දෙකක්ම තියනවා නේ, අපිට බැරිද ඒ බස් දෙකෙන් තමයි මේ මිලියන 400 හම්බ කර ගත්තෙ කියලා කියන්න’ යැයි ප්‍රති ප්‍රශ්නයක් යොමුකර තිබේ.

අවසානයේදී අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් ගැලවීමට රෝහිත අබේගුණවර්ධන මහතා සමත් වූ අතර ඒ සඳහා පිහිටට ආවේ අල්ලස් කොමිසමේ නිළධාරීන් සහ නාගයෙකි.

අන්තිමේදී නාගයා රෝහිත අබේගුණවර්ධන මහතාට දෂ්ට කරන විට නඩුව මරණයට පත් විය.

Similar Posts