yak

සිරුරට වැළඳී ඇති දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කරන ලද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු අගෝස්තු මස 4 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ දැරියගේ පියා නොමැති අතර වෙනත් පුද්ගලයකු විසින් මෙම දැරිය සැකකරුට හඳුන්වා දී ඇති බවය. පසුව ඉකුත් 27වනදින උදේ ඇයගේ නිවසට ගොස් ඇති සැකකරු නිවසටත් ඇයටත් දෝෂ තිබෙන බවත් ඒවා නැති කිරීමට ශාන්ති කර්මයක් කිරීමට අවශ්‍ය බව පවසා ඇත.

පසුව ඇයට ශාන්ති කර්මය කරන අවස්ථාවේ සැකකරු විසින් තමාට කරන ලද අතවර පිළිබඳව මවට පැවසීමෙන් පසු නිවැසියන් සැකකරු අල්ලා පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දන්වා ඇත. ඒ අනුව පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හබරාදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි සැරයන් පියසිරි (24439) මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

Similar Posts