lunchseet

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් එවැනි නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කිරිමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

මි.ලී.400ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම ලන්ච් ෂීට්, හා කෘත්‍රිම තෘණ ඇතිරිළි ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත.

ඒ් අනුව

  1. එක්වරක් භාවිතා කරන බීම බට, ආහාර කළතන, (singje use sraws and stirrers)
  2. එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි හා යෝගට් සඳහා භාවිතා කරන

හැඳි. ( Single use spoons, forks,knives including yogurt spoons)

III. ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත අගල් 10 පළල, අගල් 04 හා 17 ප්‍රමාණවලට වඩා අඩු සිලි

සිලි බෑග්, ෂොපිං බෑග්, හා ග්‍රොසරි බෑග්. ( silli silli Bags, shopping bags, grocery bags of less

than 10(w)x5(G) x17(H) inch made of plastic or polythene.

  1. ප්ලාස්ටික් ඉඳි ආප්ප තට්ටු- ( Plastic string Hoppers trays)
  2. හඳුන්කූරු හා පහන්තිර අසුරණ සඳහා පොලිතීන් යොදා ගැනීම- (packing of incenses sticks and

wicks using polythene material)

  1. ප්ලාස්ටික් මල් මාලා – Plastic Garlands

VII. ප්ලාස්ටික් කෝප්ප – Plastic Cups

VIII. ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කෘත්‍රිම තෘණ ඇතිරිළි.- Artificial Grass mat

යනාදිය මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇත. එසේම ලන්ච් ෂීට් තහනම් කිරීමට මින් පෙර තීරණය කර තිබුනද එම තීරණය විවිධ හේතුන් මත ක්‍රියාත්මක නොවීය. නමුත් එම තීරණය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම මි.ලී.400ට අඩු ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත බෝතල් තහනම් කිරීමට ද කටයුතු යොදා තිබේ. මිනිස් සෞඛ්‍යයටත් හානිකර පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශානිකා

Similar Posts