දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ, අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි.

ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය.

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟාවලි ජයක් ලැබුවේ වසර 8කට පසුව ය.

Similar Posts