dasun-shanake

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය දසුන් ශානකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් අහිමි වනු ඇත.

2019 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග තුනම ජයග්‍රහණය කරමින් එවකට විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ පසුවුණු පාකිස්තානය පරාජයට පත් කිරීමට ශානක ඇතුළු තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

Similar Posts