mark

සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාගම සමාව අයැද සිටිනවා.

මෙම සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ දිනයේදීද පැය දෙකක් ෆේස්බුක් බිඳ වැටුණු අතර අදාළ සිද්ධින් වලට හේතුවී ඇත්තේ එහි පද්ධති සැකසුම් දෝෂයක් බව සඳහන්.

මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆෙස්බුක් සමාගමට අයත් යෙදුම් සඳහාද බලපා තිබෙනවා.

මේ වනවිට අදාළ දෝෂය නිවැරදි කර ඇති අතර, එම සේවාවන් යථා පරිදි සිදුවන බවයි ෆෙස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.

පසුගිය සඳුඳා ෆෙස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය පැය 06කට ආසන්න කාලයක් බිඳ වැටීමට ලක් වූ අතර, ඉන් ලොව පුරා බලපෑමට ලක්වූ පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3කට අධිකයි

Similar Posts