මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එලඹෙන 14 වන දා විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව විශ්‍රාම යාම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියි.

ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ රටක් ලෙස හැඳින්වීමට සිදුවීම ගැනත් රට ගොඩ ගැනීමට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් කනගාටු වන බව ඔහු පැවසුවේය.

එසේම මෙලෙස මහ බැංකු අධිපති අධිපතිධුරය අත් හැරීමට සිදුවීම වෙස් වලාගත් ආශිර්වාදයක් බවද ඔහු කියා සිටියි.

ලක්ෂ්මන් මහතා මහැබංකු අධිපති ලෙස පත් වුයේ 2019 දීය. ඔහු 15 වන මහබැංකු අධිපතිවරයාය.

නව මහබැංකු අධුපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමට නියමිතය.

ශානිකා

Similar Posts