ෆෙස්බුක් පරිශීලකයන් මිලියන 533 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගත් බවට හැකර් කණ්ඩායමක් විසින් අනාවරණය කර තිබෙනවා.

පරිශිලකයන්ගේ දුරකථන අංක ඇතුලු‍ පුද්ගලික දත්ත ඇතුළත් ලේඛනයක් ඔවුන්ගේ වෙබ් අඩවියක පලකර ඇති බව සඳහන්.

රටවල් 106 ක පරිශීලකයින්ගේ දත්ත මෙලෙස හැකර් කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු පරිශීලකයින් මිලයන 32 ක්, බ්‍රිතාන්‍යයෙන් මිලියන 11 ක් ඉන්දියානු පරිශිලකයින් මිලියන 6 ක ඇතුළු පරිශිලකයින්ගේ පුද්ගලික දත්ත මෙලෙස ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඔවන්ගේ සම්පූර්ණ නම, උපන් දිනය, ඔවුන් ජිවත් වන ප්‍රදේශය, විද්‍යුත් ලිපිනය සහ වෙනත් පුද්ගලික තොරතුරු ඔවුන් ප්‍රසිද්ධ කළ ලේඛනයේ ඇතුළත්.

2019 වසරේ අගෝස්තු මාසයේදී ෆෙස්බුක් මෙහෙයුම් පද්ධතිවල හටගත් තාක්ෂණික දෝෂයක් උපයෝගී කරගනිමින් මෙම දත්ත සොරා ගැනීම සිදුකල බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ඔවුන් මෙලෙස ප්‍රසිද්ධියට පත් කර ඇති තොතුරු හරහා තෙවන පාර්ශවයකට එම දත්ත අවභාවිත කිරීමේ හැකියාව පවතින බව සයිබර් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Similar Posts