කිරිපිටි පෝලිං වෙනුවට කොන්සියුලර් පෝලිමක් – ස, තමයි හොදටම කොරේ – විශාල පිරිසක් රට හැර යයි

SriLankan

ගෑස් පෝලිං කිරිපිටි පෝලිං පෙට්රල් පෝලිම් පසුගියදා දක්නට ලැබුනත් අද වෙද්දි කොළඹ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට බුරුතු පිටින් තරුණ පිරිස් පැමිණෙන ආකාරය දක්නට ලැබේ.

ඒ රටේ පවතින දැඩි ආර්ථික පරිහානිය නිසා ශ්‍රී ලංකා මාතෘ භූමිය හැර යෑමට තරුණ පිරිස් සුදානම් වීමත් සමගයි.

අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියා සිටියි.

එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය බරපතළ අවදානමකට පත්ව ඇති බවයි.

රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

 

Related posts