death

සේවිකාවක ලබාදුන් කෙටි ආහාරක් සමග තේ පානය කළ අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතියේ විශ්‍රාම ශාලා භාරකරු හදිසියේ මියයාමෙන් පසුව විවාහක බිරිද හා දරුවන් බව කියූ පාර්ශව කිහිපයක් දේහයට හිමිකම් ඉල්ලමින් කළහ කිරීම නිසා දේහය ඔවුන්ට තබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා තීරණය කළේය.

වසර ගණනාවක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි ශ්‍රී පුෂ්පදාන සමිතියට අයත් විශ්‍රාම ශාලාවේ භාරකරු වශයෙන් සේවකළ දිසානායක මුදියන්සේලාගේ කුමාරසිංහ මහතා මියයාමෙන් පසුව ඇගේ විවාහ බිරිදක් බව කියමින් විශ්‍රාමික 72හැවරදි ඉංග්‍රීසි ගුරුවරියක පුතුන් යැයි කියන පිරිසක් දේහය ඉල්ලා කළහකාරි අන්දමින් හැසිරීම නිසා නාගරික හදසි මරණ පරික්ෂකවරයා අධ්‍යක්ෂ මණ්ඩලය සිරුර ලබාදීමට නියෝගය නිකුත් කළේය.

මරණකරු විවාහව සිටි කාන්තාව සමග පැවති අමනාපකමක් නිසා ඉංශ්‍රීසි ගුරුවරිය වන කාන්තාව සමග විවාහවු බව පැවසු බවත් තමන් දන්නා තරමට මරණකරු කාන්තාවන් කිහිප දෙනෙකුම ඇසුරු කළ බවත් මරණ පරික්ෂණයේදි සාක්ෂි ලබාදුන් පවිත්‍රතා කම්කරු කාන්තාවක වන අනුරාධපුර නීරාවිය ලිපිනයේ පදිංචි සෙබස්තියන් සරස්වති පැවසුවාය.

තමන් මරණකරුට තේ සහ කෙටි ආහාරයක් ගෙනවිත් දුන් බවත් එය ආහාරයට ගැනිමෙන් පසුව ඔහු වැසිකිලියට ගොස් එක්වරම කෑගසාගෙන පිටතට පැමිණ පුටුවක වාඩිවු බව සාක්ෂිකාරිය හදිසි මරණ පරික්ෂණයේදි පැවසුවාය.

ඔහු අසනීප තත්වයකින් පසුවන බව වැටහීම නිසා 1990 ගිලන් රථයක් කැදවා රෝහල් ගතකිරීමට කටයුතු කළ බව ඇය පවසා තිබුණාය.මරණයෙන් පසුව ඔහුගේ බිරිද බව කියූ විශ්‍රාමික ගුරුවරියට ඒ බව දුරකථනයෙන් දැන්වු බව ඈ හදිසි මරණ පරික්ෂණයේදි පැවසුවාය.

මරණකරු පසුගිය කාළය පුරා කාන්තාවන් කිහිප දෙනෙකු සමග ඇසුරු පවත්වා තිබෙන බව සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවු අතර බිරිද බව කියනා විශ්‍රාමික ගුරුවරිය ඔහුගේ මරණය තමන්ට අවශ්‍ය බව පැවසු අතර තවත් තරුණයෙකු ඇතුළු පිරිසක් මරණකරු සිය පියා බව පවසමින් මරණය ඉල්ලා හදිසි මරණ පරික්ෂණ උසාවිය පරිශ්‍රයේ කළහකාරිව හැසිරුනහ.

මරණකරුට වෙන්නප්පුව ප්‍රදේශයේ යම් දේපළ කොටසක් තිබෙනා බව මරණ පරික්ෂකවරයා අනාවරණය කරගෙන තිබු අතර කාන්තාවක හා දරුවන් බව කියමින් පෙනී සිටි පුද්ගලයන් දේපළ නිසා සිරුර ඉල්ලා පොරකන්නට ඇති බවක් වැටහීම නිසා දෙපාර්ශවයේම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී පුෂ්පදාන සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලේකම් හා භාණ්ඩාගරික අතරින් සභාපතිවරයාට දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනා ලෙස නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා නියෝග කළේය.

ආයතන වලට සේවකයන් බදවා ගැනිමේදි සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් කම්කරු සේවිකාව ආයතනයට බදවාගැනීමේදි කටයුතු කර තිබෙන ආකාරය සෑහීමකට පත්විය නොහැකි ක්‍රමවේදයක් බව මරණ පරික්ෂකවරයා අධ්‍යක්ෂ මණ්ඩලයට පැවසු අතර යම් වැරද්දක් සිදුව ඇති බව අධ්‍යක්ෂ  මණ්ඩලය මරණ පරික්ෂකවරයා හමුවේ පිළිගත්හ.

මරණ පරික්ෂණ කටයුතු වලින් පසුව පසුගිය (02දා) මරණකරුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා අනුරාධපුර ශික්ෂන රෝහලේ මෘත ශරිරාගාරයට යොමු කෙරුණි.

ඔහුගේ හදිසි මරණයට හේතුව ඊයේ (4දා) උදෑසන වනවිටත් අනාවරණයවි නොතිබුණි.අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ලියනගේ 47870 මහතා මරණ පරික්ෂණ සාක්ෂි මෙහෙයවීය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts