govi mithuro

මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිලගණන්වලට කෘ ෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත් ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු හැදීමට දගලමින් සිටින බවත් ගොවි බිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි.

එම ගොවි සංවිධානය මෙම චෝදනා එල්ල කළේ අද  (23) දහවල් කැදවා තිබූ මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති  ආතර් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.

“ මේ වෙනකොට වල් නාශක ගිය කන්නයේ රුපියල් 6000කට විකුණුවා නම් අද වෙනකොට ඒක 12000ක් දක්වා වැඩි කරලා. රුපියල් 3000 ට තිබුණු එක රුපියල් 6000ක් වෙලා. ගොවියාව සූරාකනවා මේ කූට වෙළෙදුන් එකතුවෙලා. කඩවල්වල තියෙන තොග විකුණන්නේ ඉහළ මිලකට. කවුරුහරි කියනවා නම් වල් නාශක නැතුව ගොවිතැන් කරන්න පුළුවන් කියලා. ඒක කියන කෙනා පට්ට පල් මෝඩයෙක්. වල් නාශක නැතුව කුඹුරුවල හැදෙන්නේ තණකොළ තමයි .වල් නාශක නැති වුණොත් ලබන කන්නයේ ඉදලා මේ රටේ මිනිස්සුන්ට කන්න වෙන්නේ තණකොළ ඇට තමයි.

මේක වී ගොවිතැන ඉවත් කරන්න රජයෙන් කරන උපක්‍රමයක් ද කියලා අපට සැකයක් තියෙනවා.ලබන කන්නයේ ඉදන් තණකොළ ඇට තමයි කන්න වෙන්නේ. මේක මහා අපරාධයක්.ඒක කරන්න එපා. ඊළගට අද කට්ටියක් පරාක්‍රම සමුද්‍රය අල්ලා ගෙන මං තීරු හදන්න දගලනවා. වී මිල රුපියල් 55ක් ඇති කියලා කියනවා.

මේ වැඩ කරන්නේ ගොවියෝ නෙමෙයි බත් කන මිනිස්සුද කියලා හිතෙනවා. අපි කියනවා ලොකු පාපකර් මයකුත් ඇති කරගෙන සංඝභේදයක් නිර් මාණය කරලා තියෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ මං තීරු හදන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අර මාධ්‍ය ඉස්සරහා වී මිල 55ක් ඇති. මං තීරු හදන්න ඕන කියලා කෑ ගැහුවේ වෙන කවුරුවත් නෙමෙයි ගොවිතැන් කරන ගොවියන් වත් පොලොන්නරුවේ ගොවි ජනතාව වත් නෙමෙයි. ඒ අයගේ හෙන්චයියෝ. සල්ලිවලට කහින්නේ. ඒක නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා වැවේ මං තීරු හදන්න එන්න එපා. මුලු රටේම ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි. කොහාට ද මේ රට ගෙනියන්නේ?

මෙහි දී අදහස් දක්වමින් ගොවිබිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්  ඩී සරත් ජයසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“මේ සතිය දෙක ඇතුළත් ගොවියා විශාල වශයෙන් හූරා කෑමකට ලක් කරනවා පොහොර හංගාගෙන ඉන්න මුදලාලිලා. යූරියා මිටිය රුපියල් 6000 ට 7000ට විකුණනවා. තෙල් ඒත් එහෙමයි. සමහර ඒවා කල් ඉකුත් වෙලා කල් ඉකුත් වෙච්ච ඒවා විකුණන්නත් බෑ. නමුත් මේ කූට වෙළෙන්දෝ ගොවියාව ගසා කනවා. අනිවාර් යයෙන් ම ඒ ගැන් සොයා බලන්න කියලා බල කරනවා. මේ තත්ත්වයට හේතුව ආණ්ඩුව මේ වෙනකල් ගොවියාට කියා නෑ කොහොමද ළග එන මාස් කන්නයේ වගා කරන්නේ කියලා.

ස්තිරව පැහැදිලි ප්‍රකාශයක් රජය කරන්න ඕන. මේ සැරේ කොහොමද ගොවිතැන කරන්නේ කියලා . අපට පොහොර කොච්චර ප්‍රමාණයක් දෙනවාද එහෙම නැත්තං නොදෙනවාද? කාබනික පොහොරවලින් මද කරන්නේ? එහෙම කරනවා නම් කොච්චර කුඹුරකට ඕනද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපේ ගොවි ජනපදවල රාජ්‍ය නිලධාරින් ඉන්නවා අදාළ ඒවා දැනුම්වත් කරන්න. හැබැයි අද වෙනතෙක් එහෙම දැනුවත් කරලා නෑ. අද ගොවියා අපේක්ෂා භංගත්වයට පත් වෙලා බොහම කළකිරීමෙන් ඉන්නේ. අනාගතය මොකද්ද අනාගතයේ ගොවිතැනට අත් වන ඉරණම මොකද්ද කියලා තීරණයක් නෑ. දැන් කාබනික පොහොර හදන ගොවියාට රුපියල් 12500ක් දෙනවා කිව්වා. හෙක්ටයාරයකට.ගොවීන් දැන් සියයට 99ක් ඒවා හදලා ඉවරයි. හැබැයි තාම සත පහක් දීලා නෑ. මේවා කළේත් ණය වෙලා.

රජය මේ බොරුව දිගින් දිගටම කරගෙන යනවාද නැත්තං ඇත්ත කියලා ගොවියාට කියනවාද මේ විදිහට කරන්න කියලා එක නිශ්චිත ක්‍රමයක්. අද ගොවි ප්‍රජාව බොහොම අසීරුතාවට පත් වෙලා ඉන්නේ. රජය මේ සතිය ඇතුළත කියන්න ඕන. කෘෂි රසායන තහනම් කරලා නම් කොහොමද වෙළදපොලට මේවා එන්නේ? අද විශාල වශයෙන් ගොවියා හූරා කනවා ඒවා ගිණි ගණන් දීලා ගන්න වෙලා. රජය තහනම් කරලා නම් කොහොමද වෙළද පලේ තියෙන්නේ.? අනිත් කාරණය තමයි පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු හදන්න යන එක.

අපි කියනවා ඔය මං තීරු හදනවාට වඩා ගොවි බිම්වල කරන්න බොහෝ දේවල් තියෙනවා. වසර ගණනකින් කෙත් ඇලවල් පිළිසකර කරලා නෑ. ගොවි බිම්වල ගොවියන්ගේ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවාට මැදිහත් වෙන්න ඇවිදින මං තීරු හදන්න නෙමෙයි තියෙන්නේ.රජය කරවන ආණ්ඩුව මේ වෙලාවේ ගොවියාගේ මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කියලා ඉල්ලා හිටිනවා

මෙම අවස්ථාවේ දී තවත් ගොවි නියෝජිතයන් කිහිප දෙනෙකුම අදහස් දැක්වූහ.

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Similar Posts