මහනුවර යුගයට අයත් (සමාධි බුද්ධ මුද්‍රාව) දඹරනින් නිමකළ මිල කළ නොහැකි බව කියන කිලෝග්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ  (09) උපාය දූතයෙකු යොදවා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජේකෝන් බණ්ඩාර මහතාට අනුරාධපුර හා කන්තලය පොලිස් විශේෂ කාර්යංශයන්හි නිලධාරින් විසින් ලබාදුන් තොරතුරු හා සහයෝගය මත සැකකරුවන් තිදෙනාව අනුරාධපුර නුවර වැව වැව් වාන ආසන්නයේදි අගල් 18ක උසින් යුතු බුද්ධ ප්‍රතිමාව සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි ඔවුන් පවසා තිබුණේ එම ප්‍රතිමාව නිධානයකින් හමුවූ බවත් එහි තිබූ සෙසු වස්තුව වෙනත් පුද්ගලයන්ට අලවි කළ බවයි.

බුද්ධ ප්‍රතිමාව අලවිකර ගැනීමට කිසිවෙකු හමුනොවූ බවත් රුපියල් කෝටි තිහකට අධික රන් බරින් යුතු පිළිමය මෙරට කිසිවෙකු මිලදි නොගන්නා නිසා විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට වැදුම් පිදුම් කිරීම සදහා ප්‍රතිමාව අලවි කිරීමට කථිකා කරගෙන තිබු බව ඔවුන් පොලිසියට පවසා තිබුණි.

සැකකරුවන් පිරිස දුරකථන මාර්ගයෙන් ත්‍රීකුණාමලය හා එප්පාවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට දඹරන් බව කියනා පිළිමය විකිණීමට උත්සහ කර ඒ හරහා කොළඹ වැඩ වසන හිමිනමකගේ කිට්ටුවන්ත ගෝලයෙකු (ලියන මහත්තයා)සම්බන්ධකර ගනිමින් පිළිමය අලවිකාරීමට උත්සහ දරා තිබෙන අතර එම හිමිනමගේ ගෝලයා උපාය දූතයෙකු වශයෙන් පෙනී සිටිමින් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත් කිරීමට කටයුතු කර තිබුණි.

සැකකරුවන් පිළිමය බැලීම සදහා මුලින්ම ගලෙන්බිදුණුවැව පොලිස් වසමට පැමිණෙන ලෙස උපාය දූතයාට පවසා තිබෙනා අතර පසුව කහටගස්දිගිලිය පොලිස් වසමට එන ලෙස දන්වා තිබේ.අනතුරුව ගණුදෙනුවට සම්බන්ධවූ පුද්ගලයා පිළිබදය විශ්වාසය ඇතිවීම නිසා අනුරාධපුර නුවර වැව වැව් බැම්ම ආසන්නයට මුදල් රැගෙන පැමිණෙනා ලෙස සැකකරුවන් උපාය දූතයාට දන්වා තිබුණි.

ඒ අනුව නුවර වැවේ සොරොව්ව ආසන්නයේදි සැකකරුවන් උපාය දූතයාට බුද්ධ ප්‍රතිමාව අලවි කිරීමට සූදානම් වද්දි අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.ඒ අනුව කිලෝග්‍රෑම් 22ක් බර අගල් 18ක් සිරස දක්වා උස හා අගල් 14ක පළලින් යුතු රන් පැහැයට සමාන බුද්ධ ප්‍රතිමාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් පිළිමවහන්සේ රනින් කළ එකක්ද නැත්නම් සැකකරුවන් වෙනත් ලෝහයකින් සැකකසු එකක්ද යන්න අනාවරණය කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පිළිමය යොමුකළ යුතු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිළිමය සන්තකයේ තබාගෙන සිටි පිරිස කිසිදු අවස්ථාවක ව්‍යාජ රන්ජාවාරමකට (මරංචි) සම්බන්ධ නැති බව පොලිසිය පවසයි.මිහින්තලය පොලිස් වසමේ මුස්ලිම් කටුකැලියාව හා දිවුල්වැව පොලිස් වසමේ මුකිරියාව පදිංචි අවුරුදු 41/43 හා 47 පදිංචි සැකකරුවන් තිදෙනෙකු  අත්අඩංගුවට පත්ව තිබුණි..

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 48317 නිෂාම් 61406 හා පොලිස් කොස්තාපල්වරුන් වන  රාජරත්න 66634 ජයසිංහ 33280 යන නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

buddha

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts