durgs

නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට  පොලිස්  සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට  අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ.

සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් සිර මැදිර අසලට පැමිණ ඇත.

ඇය විසින් සැමියාට අනුරාධපුර බන්ධනාගාරය තුළ අලවි කිරීමට  හෙරොයින් පාර්සලයක් ගෙන ඇත. ඉටිකොළ හා ටේප් වලින් සැකසූ කුඩා හෙරොයින් පාර්සලය සැකකරුගේ ගුද මාර්ගයේ රදවාගෙන බන්ධනාගාරයට රැගෙන යා හැකි ලෙස සකසා තිබූ බවත් කාන්තාව හෙරොයින් රැගෙන පැමිණ තිබුණේ සිය 19 හැවරදි තරුණ දියණිය සමග බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරින් ඇය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම නිසා ඇයත් පොලිස් අත්අඩංගුවට පත්වු බව පොලිසිය පවසයි.

අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා ඇදිරි නීතිය පැවත්වෙමින් තිබියදි හෙරොයින් අලවි කරනා බවට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සිදුකළ මෙහෙයුමේදි පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 210ක ප්‍රමාණයක් සමගය.

සැකකරුගෙන් හෙරොයින් මිලදි ගැනීමට පැමිණ සිටි තරුණයෙකු හෙරොයින් මිලිග්‍රෑම් සියයක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබු අතර සැලුන් මාමා හෙරොයින් පැකට්ටුවක් රුපියල් 2500ක මුදලකට අලවිකරනා බව පොලිසිය පවසයි.

සැකකරු නීරෝධායන ඇදිරි නීතිය සමයේ හෙරොයින් මත්කුඩු විකුණා ඇති බවත් ඔහු නිවස පිහිටි වීවින් හංදිය ආසන්නයට පැමිණ ජාවාරම සිදුකරනා බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් පොලිස් පරික්ෂක රත්නායක පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 43317 නිෂාම් 61406 රාජරත්න 66934 හා ඉලංගසිංහ 68497 යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Similar Posts