hand cup

පෞද්ගලික  ආරවුලක්  හේතුවෙන් හමුදා සෙබළුන්  දෙදෙනෙකුට පහරදුන්  බව කියන සිද්ධියකට  සම්බන්ධ  විශ්‍රාමික යුධහමුදා  සෙබලෙකු   අත් අඩංගුවට  ගැනිමට  ගිය පොලිස්  පරික්ෂක  වරයෙකුට ද පහරදීමට තැත්කළ  කිරිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අලුත්ගම  ප්‍රදේශයේ  පදිංචි යුධ හමුදා  සෙබළුන්  දෙනෙකු ට පහරදිාමි සිද්ධියක් සම්බන්ධයෙන්  සැකකාර විශ්‍රාමික  යුධ හමුදා  සෙබලා අත් අඩංගුවට  ගැනිමට  බේරුවල  , පිංහේන ප්‍රදේශයට ගිය  පොලිස් පරික්ෂකවරයාගේ  රජකාරියට බාධාකරමින් ,පහරදීමට තැත්කර ඇතැයි පොලිසිය කියයි.

පසුව පොලිස් පරික්ෂකවරයා  අලුත්ගම  පොලිස්  ස්ථානය දැනුවත්කර අමතර නිලධාරි කණ්ඩායමක් කැඳවා සැකකරු  අත් අඩංගුවට  ගෙන ඇත. පහරකෑමට ලක්ව ඇත්තේ වව්නියාව  හා මින්නේරිය  යුධ හමුදා  කඳවුරු වලට අනුයුක්තව සේවය කරන අලුත්ගම ප්‍රදේශයේ  පදිංචි    සෙබළුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා මෙි වන විට  අලුත්ගම , රජයේ රෝහලට  ඇතුලත්ව ප්‍රථිකාර  ලබමින් සිටිති.

අලුත්ගම පොලිසියේ  වැඩ බලන පොලිස් ස්ථානාධිපති   ප්‍රධාන  පොලිස් පරික්ෂක සුදත් සුදුසිංහ මහතා,  පොලිස් පරික්ෂක  අංජන සිල්වා    ඇතුළු නිළධාරින් පිරිසක් මේ  පිළිබඳ පරික්ෂණ පවත්වති.

සෝමරත්න  පොද්දෙණිය  – මීගහතැන්න

Similar Posts