baby

මේ දිනවල පවතින කොවිඩ් අවදානම සහ පැතිර යන ඩෙංග වසංගතය වැනි රෝග නිසා විශේෂයෙන් කුඩා දරුවන්,හා බිළිදුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිතර දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස  සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරයි.

විශේෂයෙන් බිළිදු දරුවන් සිටින නිවෙස් වලින් බැහැරට යන වැඩිහිටියන්  නිතර එම බිළිදු දරුවන් සිටින ස්ථානවලට යාමෙන් වැළකිමට හැකි නම් බිළිදු දරුවන් බෝවන රෝගවලින් බේරා ගැනිමට හැකි වන බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පෙන්වාදෙති.

මේ ආකාරයට රෝගි වන කුඩා බිළිදුන්ට ප්‍රථිකාර ලබාදිමට පෙර  බරපතල තත්වයන් ඇතිවන බවද වෛද්‍යවරුන් පෙන්වාදෙති.

බුලත්සිංහල  බෝතලේගම ප්‍රදේශයේ  පදිංචි යුවලකගේ මාස එක හමාරක් වයසැති බිළිදි දරුවකු පසුගිය දා  ස්වසන අපහසුතා හේතුවෙන් මිය ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

බුලත්සිංහල කුඔුරේගෙදර , බෝතලේගම පදිංචි  මාස එකහමාරක් වයසැති  කටුගම්පේ රදාගේ  සදෙව් පන්සිළු නැමති  ළදරුවෙකු මෙසේ මරණයට පත්ව ඇත.

රාත්‍රි දරුවා‍‍ට හුස්ම ගැනිමේ අපහසුවක් දුටු දෙමාපියන් වහා බුලත්සිංහල රෝහලට දරුවා රැගෙන යාමට  කටයුතු කර ඇත. නමුත් රෝහලට ඇතුලත්කරන විටද දරුවා  මියගොස් ඇතැයි පොලිසිය කියයි.

බුලත්සිංහල හදිසි මරණ පරික්ෂක චිරාත් භාරත මහතා  හදිසි මරණ පරික්ෂණය සිදුකර  ඇති අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts