bandaranayaka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත.

බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දක්වා සිටියේ ජනතා සහභාගීත්වයකින් තොරවය.

බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව හොරගොල්ල බණ්ඩාරනායක  සමාධිය අසල දී පැවති ගුණ සැමරුම මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්වෙන බව හිටපු ජනාධිපතිනිය කල් තියාම පාක්ෂිකයින් වෙත දැනුම් දී තිබුණි.  නමුත් හැකි අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිතව පැමිණ උපහාර දක්වා යන ලෙසද ඇය වැඩිදුරටත් කියා තිබුණි.

bandaranayaka bandaranayaka

Similar Posts