පොලිසිය විසින් සෙවු බොබ් මාලි ව අද (09) දින ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දීය.

පසුගිය 08-31 දා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 ග්‍රෑම් 644 ක් සමඟ සැකකරුවන් 05 කු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙරටට ගෙන්වීම සඳහා එය මෙරට සිට මෙහෙයවූ ප්‍රධාන සැකකරු ‘බොබ් මාලි’ බවට පොලීසිය සැක පළ කර ඇත.

මොහු 41 හැවිරිදි මාලඹේ සහ බත්තරමුල්ල පදිංචි පුද්ගලයෙක් වන අර වෘත්තියෙන් බහුදින යාත්‍රා නියමුවෙකි.

ඔහුව සොයා ගැනීම සඳහා පොලීසිය ඊයේ (08) මහජය සහය පතමින් ‘බොබ් මාලි’ ගේ ඡායාරූප සහ පොලීසිය සතු විස්තර ප්‍රසිද්ධියට පත් කරනු ලැබුණි.

ශානිකා

Similar Posts