habaraduwa

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය ඊයේ (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හබරාදුව ප්‍රධාන සංවිධායක, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය.

ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ සේවය කරන අතර එම අංශයේ සේවය කරන දස දෙනෙකු මෙසේ නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇත.

සටහන හා ඡායාරූප-  බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Similar Posts