Coronavirus3

ගත වූ පැය 24 දි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අවුරුදු 69, 71 සහ 81 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක්ද, අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද අද දිනයේදී මිය ගිය පුද්ගලයින් අතර වෙති.

ඔවුන් පිළිවෙලින් රත්මලාන, කිරුළපන, කොළඹ 2, කොළඹ 10 සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ ‍වෙති.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 66කි.

Similar Posts